විරුද්ධයිද?
මුදලට කළ දේ අද සිට නොමිලේ
අද සිට අතට නිවාඩු
ඇඳට වඩා පැදුර හොඳයි
හෝව්...හෝව්.....
කවුද යකෝ මේවා දාලා තියෙන්නෙ කියලා ආපස්සට ගිහින් බැලුවා නේද? ඇයි මේ මූණ ඇඹුල්
කරමින් කියවනකොට ලැජ්ජයි නේ. කරේ පපුවේ බෝඩ් ගහගෙන ගම වටේ යනකොට ලැජ්ජ නැද්ද කියලා
පොඩ්ඩක් ඔය හිතෙන් අහන ගමන් ටිකක් මේ ලියැවිල්ල කියවගෙන අදහසක් කියාගෙන යන්න.
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි - සැබැ
වෙන සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ - සනුහරේ අභිමානයයි
කියමින් පූජා වට්ටියක පූජා කරන වස්තුවක් විදිහට
ගෑනු දරුවෙක් තවත් කෙනකුගේ පවුලට බාර දෙන්න ඒ වස්තුව රැකපු විදිහටම ඒ පවුලක් රකී
කියන විශ්වාසය ඇතිව. ගෞරවය විශ්වාසය රැකගෙන පරිස්සම් කරපු දියණිය ඒ වගේම ගෞරවයකින්
භාරගන්න එක අනිත් පාර්ශවයේ වගකීම.
විවාහ මංගල්‍යක් කියන්නේ පරම්පරා දෙකක එකතුවක්. ජාති කුල
පන්ති පරම්පරාව හොයල බලලා පරම්පරාවට හරි කෙනෙක්ම තෝරලා ලක්ෂ ගණන් වියදම් කරල
කරන අලුත්ම ට්‍රෙන්ඩ් එකක් කිව්වොත් මං නිවැරදි. හැබැයි ඔය සේරම හොයලා බලල ඒ පිරිමියාගේ
පසුබිම කොහොම එකක්ද කියන එක හොයන්නෙ නැත්තන් ලොකු වැරැද්දක්. ලක්ෂ ගණන් වියදම් කරලා
මඟුල් ගන්නෙ අද. එහෙම නොකර බැරි තත්ත්වයක ඉන්න අපි එකෙන් මිදෙන්නෙ නැත්තෙ ඇයි?
හේතුව මනාලයාගේ
පාර්ශවයට කෙසේ වෙතත් මනාලියගේ පාර්ශවයට අහන්න වෙන කතා බොහොමයි. ජයට මගුලක් නොගෙන
සරලව මගුලක් ගත්තොත් ගමේ ගොඩේ ,අහල පහල, නෑදෑයෝ වගේ අය මනමාලිගේ ඇද හොයන්න බලාගෙන
ඉන්නෙ. මෙන්න මේ හේතුව නිසා උන්දැලගෙ ඇරිලා තියෙන සමහර විවර වැහෙන්නම කෙල්ලගේ
දෙමව්පියන් පුලුවන් තරම් හොඳට මංගල්‍යය කරලා දෙනවා.
ඒ තරම් ලොකුවට උත්සවේ අරගෙන පහුවදාට මනමාලිට හා මනමාලයාට
අත්වෙන ඉරණම ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නෙ.
අද අපිට දකින්නට ලැබෙන විවාහ උත්සවවල wedding රැග් කියන දේ සුලබයි. මේවාගෙන් ඇතැම් ඒවා සුන්දර වන අතර මනාල යුවළට හෝ අනික් අයට කිසිම අපහසුතාවයකින් තොරව අවසන් වෙනවා. සුන්දර මතකයන් එක්ක නමුත් ඇතැම් ඒවා පුදුම තරම් අශෝබන හා අනික් අයත් අපහසුතාවයට පත් වෙන ඒවා.
බොහෝ විට මේවා
සිදුවන්නේ මනාලයාගේ පාර්ශවය අසල්වැසියන් නෑදෑයින් හෝ මිතුරු වෙස් ගත් අමුතු ජීවීන්
විසින්. නව යුවල මනාලයාගේ නිවෙසට යන අවස්ථාවේ මේවා දැකගත හැකියි.
මුදලට
කළ දේ අද සිට නොමිලේ
අද සිට අතට නිවාඩු
ඇඳට වඩා
පැදුර හොඳයි
මේවා කියවනවිට
ඇහෙනවිට අමුතු ලැජ්ජාවක් හිත ඇතුලෙන් දැනෙනවානම් මොන විකාරද මේ වගේ අදහසක් හිතෙනවා
නම් සතුටුයි ඔබ තවමත් ලැජ්ජාවක් ඇති ගෞරවනීය පුද්ගලයෙක්. සමාජය ඉදිරියේ ලැජ්ජාවට
පත්වීම රැග් එකක්නේ සිතන පුද්ගලයකුට වෙනත් තැනක තමා හෝ බිරිඳ ලැජ්ජාවට පත් වීම
අරුමයක් නොවේ.
සමාජ මාධ්‍ය තුළ
මෙවැනි වීඩියෝ දර්ශන සංසරණය වෙනවා අනන්තවත් දැක ඇත. කොළඅතු , පොල් කටු
එල්ලා විසි එක්වන සියවසේ දී ගෝත්‍රික සම්ප්රදායම අනුගමනය කරන්නේ ඇයි දැයි මට
තවමත් නො වැටහෙන කරුණක්.
තමා හෝ බිරිඳ අප අපහසුතාවයට පත්වෙන ඕනෑම දෙයකින්
ඉවත්වීමට හා ඊට විරුද්ධ වීමට දෙදෙනාටම හැකියාවක් තිබිය යුතුයි. සමාජය ඉදිරියේ
විහිළුවක් නොවීමට දෙදෙනාටම අයිතිය ඇත. එවැනි දේට නිහඬව සිටියේ නම් ඇතැම් අවස්ථාවලදී
පවුල් තුළ හිත් අමනාපකම් පවා ඇතිවීමට ඉඩ ඇත.එයට හේතුව මෙවැනි දේ දියණීයන් ඉන්නා දෙමව්පියන්
අනුමත් නොකිරීමයි. එමෙන්ම රැකියා ස්ථානයේ මිතුරන් අතර අපහසුතාවයට පත්වෙන අවස්ථා ද
ඕනෑ තරම් තිබිය හැකිය. පුද්ගලයකුගේ සමාජ තත්ත්වය, රැකියාව ආදී කරුණුවලට මෙන්ම පුද්ගලයකුගේ
පෞරුෂය කෙරෙහි සෘජුවම බලපානු ලබයි.
සැමියාගෙ නිවසට පය තැබීමට පෙර මහ මගදීම ලැජ්ජාවට පත් වී
අනික් අයගේ සිනහවට ලක් වී පැමිණෙන දියණීය මල් පිරුනු වතුර වීදුරුවක් පොවා ශ්‍රියා
කාන්තාව ලෙස ගෙට ගන්නා චාරිත්‍රයක් කුමටද?
එවැන්නක් අවශ්‍යම නම් එය කල යුතු පිලිවෙලට, අනෙක් අය අපහසුතාවයට
පත් නොවන ලෙස කල යුතුය. මනාල යුවල පෙර දින රාත්‍රියේ රති කෙලියේ යෙදුනු ඒවා බෝඩ් කෑලිවල
ලියා එල්ලා , ට්‍රැක්ටර් හෝ වෙනත් ඒවායෙහි ඇඳන් මත හිඳගස්වා අනික් අය සතුටු වීම රැග්
නොවේ. එය මානසික අසහනයයි.
මස්තකාරූඪ වී
තැලිපිලි පලන්දා ජීවිත කාලෙම බිරිඳගේ නම්බුව රකින්නට පොරොන්දු වූ මිනිසෙකුට පැය
විසි හතරක් යාමටත් පෙර යහළුවන්ගේ නෑදෑයන්ගේ අසහනකාරී රැග් වලින් බේරෙන්න බැරිව
තමන්ගේ බිරිඳ මුළු ගමක් ඉදිරියේ විහිලුවක් වීමේදි කට වසාගෙන සිටින සැමියා විශ්වාස
කර ජීවිත කාලෙම පවුල් කනවාට වඩා නැවත දෙමව්පියන්ට ගිහින් ජීවත් වීම සැපතකි.
මා ජීවත්වන ප්‍රදේශයේ මෙවැනි අනවශ්‍ය රැග් හෝ එවන් අපහසුතාවට
පත් කරන අවස්ථා දැකීමට පවා නොමැති වීමත් පවුලේ කිසිවෙක් මෙවැනි දේට සම්බන්ධ නොවීමත්
අතිශය සතුටට කරුණකි. එසේම එවැනි රැග් හෝ
අනවශ්‍ය දේට විරුද්ධ වීම ඔබ අනිවාර්යෙන් ක්ළ යුතු වන්නෙ ඒ සියල්ලට වඩා ඔබගේ ගෞරවය
වටින බැවිනි.
ඔබගේ අදහස ?
👍👍👍👍
ReplyDeleteඇත්තටම වටිනා අදහසක පිළිබිඹුවක්
ReplyDeleteසිංදුවක් කියන්න.වගේනන් ගැටලුවක් නෑ..හැබැයි බෝඩ් එල්ලන වැඩනන් හොද නෑ.මේකයි මිනිස්සුන්ගේ ආකල්ප තමා වැදගත්.
ReplyDeleteඔව්.නමුත් දැන් සිද්ද වෙන්නෙ එහෙම දේවල් නෙවෙයි
Deleteඑකඟයි
DeleteSathuta wadagath eth apahasuthawayata path kirima anumatha karanna ba
ReplyDeleteSathuta wadagath eth apahasuthawayata path kirima anumatha karanna ba
ReplyDeleteඇත්ත 💖
ReplyDeleteසංස්කෘතිකයි එකගයි👍👍
ReplyDeleteImportant 💛🥂
ReplyDeleteSuper 👍
ReplyDeleteWatina adahasak. 👍
ReplyDeleteGood
ReplyDeleteඕකේ මෙහෙම දේකුත් තියෙනවා ඉස්සර මංගල සභාවල කවිවලින් වාද තියලා තියෙනවා..ඊලගට මනමාලිගෙ අරපිරිමැස්ම බලන්න කරපු දේවලුත් තියෙනවා..ඒවා ඉස්සර ඉදන්ම තිබිලා තියෙනවා.
ReplyDeleteඒ දේවල් වල මුහුණුවර වෙනස් වෙලා දැන්...
ඉස්සර මේ දේවල් කරේ යම් අර්ථයක් ඇතුව නමුත් දැන් අර්ථයක් තියා තව කෙනෙක්ගේ මූණ බලන්න බැරි දේවල් වෙනවනෙ
Deleteඑකඟයි.
Deleteවටින අදහසක්..✌️
ReplyDeleteLassanai 👍
ReplyDelete💜️💜️💜️💜️💜️
ReplyDelete👍👍
ReplyDeleteසරලවම මනමාලයගේ කොන්ද පන තියනවනම්
ReplyDeleteමගුල තමන්ගෙනම් ඕවා පාලනය කරන්න පුලුවන් වෙන්න ඕන.
අම්මලා අප්පලා කොච්චර අපහසුතාවකට පත් වෙයිද
සම්පූර්ණ ඇත්ත
Deleteවටින අදහස්ක්, 👍👍👍
ReplyDeleteවටින අදහස්ක්, 👍👍👍
ReplyDeleteකාලීන කතිකාවක්
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete