මහගමසේකරගේ අම්මා
අම්මා පිළිබඳව ලියැවුණු පිලිබඳව ලියවුනු කවි, ගීත, නිසදස් අප්‍රමාණ වේ. නමුත් ඒ සියල්ල සුවිශේෂී ගණයට අයත් නොවෙයි. ඒ එම කවි ගීත වල අන්තර්ගතය නිසා නොවේ. සියලු නිර්මාණ වලින් කියවෙන්නේ අම්මා යන මාතෘකාව පිළිබඳව ය. ඇය ගේ ගුණ පිළිබඳව ය. නමුත් ඒ රස විඳින්නාගේ මගේ හදවතට දැනෙන්නට ,හදවත් සංවේදී කරමින් ඉදිරිපත් කිරීමට හැකි වන්නේ අතළොස්සකට පමණි. ඒ අතර මහගමසේකරයන් ද ඇතුලත් වෙයි. ඔහුගේ මාතෘකාව වන්නේ අම්මා. අම්මා යන වචනයට ඉදිරියෙන් ඔහු කිසිදු විශේෂණයක් එක් කර නැත. එසේ කිරීමෙන් අම්මා යන මාතෘකාවට කිමිදීමට අපහසු වේ යැයි ඔහුගේ කල්පනාව වන්නට ඇත. ආදර අම්මා ,මගේ අම්මා ආදි වශයෙන් එක් අන්තයකට කොටු නොවී පුළුල් මාතෘකාව පුරා සෙවීමේ අදහසින් ඔහු අම්මා යන මාතෘකාව යොදා ඇති බව සිතිය හැකිය .
අම්මා යන මාතෘකාව සුලභය. සුලබ මාතෘකාවක්වකට දුර්ලභ
කවියක් ලියන්නේ නම් එය විශිෂ්ට ගණයේ කවියකි. ජිවිතයේ නැතිවම බැරි චරිතය, ජීවිතේ
සංවේදීම අවස්ථාවඅම්මාගේ මරණයයි. මින් කියවෙන්නේ අම්මා පිළිබඳ අතීත ස්මරණයක යෙදෙන පුත්‍රයකු
පිලිබඳවය. කලකට පෙර මියගිය අම්මා පිළිබඳ මතකය සිතට නැඟුණු කථකයා අම්මාගේ සිරුර
මිහිදන් කළ සොහොන් බිමට යයි. එය සොයා ගැනීමට ද අසීරු තරමට එහි උඩු පියවිය වැවී ඇත.
උදුපියලිය වැවී ඇති මහපොළොවට දණ ගසා වඳින්නේ තම මව මේ යැයි සිතමිනි.
ඔබා දෙදණ නිල් උඳුපියලිය මත - වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට
මවගේ ආදරයට ,ගුණ
ධර්ම වලට යොදන්නට නමක් නොමැත. එයට උපමා කරන්නට සම කරන්නට ද කිසිවක් මේ ලොව නැත.
පිපිලා තිබුණි එතැන සුදු පාටට -නමක්
නොමැති පුංචි මලක්
සිම්බේය එමල ඔහු නමා හිස
පොළොවට දණ ගසා වඳින ඔහු දකින්නේ සුදු පැහැති නමක් නොදන්නා කුඩා
මලකි. මේ සංක් සංඛේතයකි. සුදු පැහැය පාරිශුද්ධත්වයේ සංකේතයකි. එසේම කුඩා මලක් ලෙස
සැලකෙන්නේ එහි සරල බවයි. නමක් නොදන්නා බව සඳහන් කොට ඇත්තේ මවගේ මේ පරතෙරක් නොමැති
ආදර සාගරයට හා ගුණ සමුදායක යෙදීමට සුදුසු නමක් මෙලොව නොමැති බවයි. පාරිශුද්ධත්වය
හා සරල බව කුඩා මලෙන් සංකේතවත් කොට ඇත. ඔහු ඒ මල ආදරයෙන් සිප ගන්නා බව මනසින් චිත්‍රයක්
ගොඩනගා ගනියි.
අම්මා යනු
දරුවෙකු මෙලොවට බිහි කරන්නිය පමණක් නොවේ. දරුවා වදන තැනැත්තිය මෙන්ම හදන තැනැත්තිය
ද අම්මා වේ. ඇය දරුවන් දායාද කරන්නේ ලෝකය වෙනුවෙනි. ලෝකයේ පැවැත්ම වෙනුවෙන්
දරුවෙක් හැදීම ඒ මොහොතේ දී අත්වන දුකක් පමණක් වුවද දරුවෙක් යහපත් සමාජයකට දායාද
කරන්නට අම්මා කෙළවරක් නැති දුක් විඳී.
අඬන විටදී මා කුඩා අවදියෙහි බඩගිනි
ව
තම්බා බතල දළු ලුණු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩ්ගිනි නිවූ අම්මා ඔබය
කථකයා තම කුඩා
කල සිහිපත් කරයි දරුවන්ගේ බඩේ ගින්දර යනු අම්මාගේ හිතේ ගින්දරයි. නිවසේ ඇති
අගහිඟකම් පිළිබඳවව දැනුම් තේරුම් නොමැත. බඩගිනි වූ විට ආහාර කිසිවක් කන්නට නිවසේ
නොමැත. කඩාගන්නා බතල දලු තළු තම්බා ලුණු දියර හා පොල් මුසුකොට දී ඈ දරුවාගේ
බඩගින්න නිඅන්නට උත්සාහ දරයි .
උයා උදයෙන් නැගිට කඩජපන්
තබා තේ කඩයෙහියෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබය
සැමට කලින් ඇහැරෙන්නේ සැමට පසු නිදියන්නේ අම්මාය.කථකයාගේ මව උදෑසනම
නැගිට ඉඳි ආප්ප සාදා විකුණ දරුවාට කෑමට යමක් අහල පහලින් සොයාගත්තද ඇඳුම් පැළඳුම්
ගන්නට කාසි අවශ්‍යය.
ජංගි ඇඳීම මගින්
මෙහි දැක්වෙන්නේ තම දරුවා සමාජයේ ශිෂ්ට සම්පන්න අයෙකු බවට පත් කිරීමට උත්සාහ දරන
බවයි. ඇගේ බලාපොරොත්තුව දරුවා ලොකු මිනිසෙකු නොව හොඳ මිනිසෙක් කිරීමටය. තමාට අත්
කර ගත නොහැකි වූ ඥානය , සමාජ තත්වය කරා දරුවා රැගෙන යාම අභිලාෂයයි.
ගල්වා හිසෙහි යහමින් තෙල්- එල්ලා කරෙහි පංචායුදය
අල්ලාගෙන අතින් මා- පාසල් එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය
අම්මා අසළ
නැතිවිට දරුවාගේ ආරක්ෂාවට පංචායුධයක් යොදා විශ්වාසය ඇති කෑ ගනී. නිවැරදි මග ඔස්සේ
දරුවා රැගෙන මව පාසල වෙත ගමන් කර දරුවාට ඉගැන්වූයේ අකුරු පමණක් නොවේ. පරිසරය
උපයෝගී කරගෙන නිර්මාණ වීමට පවා අලංකාර පැදුරු රටාවන් මවන අයුරුත් ඒ තුළින් ජීවිතය
ගැටගසා ගන්නා ආකාරය පෙන්වා දෙමින් මේ ජීවිතය ද වියන ලද පැදුරට සමාන බව සංකේතවත්
කරයි.
නොදත්තෙමි මම එකල - අම්මේ ඔබේ වත
කැටපතක් බව
මෙකල මා සිත පිළිබිඹු කරන- ගිනි යට ගිය ඇස්
කුහර තුළ
නො දුටුවෙමි කිසි විටෙක සතුටකුත්
නො දුටුවෙමි කිසි විටක දුකකුත්
අම්මගේ මුහුණ
බොහෝ දේ ලියැවී තිබුණු කැඩපත්ක් බව කථකයාට වැටහෙන්නේ දැන් ය. අම්මා දරුවන්ගේ
අනාගතය ජීවිතය දකි. ඇගේ මුහුණේ සතුටක්ද දුකක්ද දක්නට නොමැත.ඇත්තේ මැදුම් පිළිවෙතයි.
මහගමසේකර නිදහස් කවියේ දෙවන පරම්පරාවට අයත් ය. මෙය නිසදැස් ආකෘතියට අයත් වන අතර ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණ
නිර්මාණයකි. උපමාරූපක කිසිවක් භාවිතා කර නොමැති අතර සංකේත භාවිතයෙන් කවි අලංකාර
කොට ඇත. අනිත් කවීන් බැලුම් දෘෂ්ටි කෝණයට වඩා නිර්මාණාත්මකව ඇගේ උතුම් බව මින් මතු
කර දක්වන්නට මහගමසේකර කවියා ගත් උත්සාහය සාර්ථක ය.
Grate ❤
ReplyDeleteBest
ReplyDeleteආදරණීය වදන් පෙලක්
ReplyDelete👍
ReplyDelete❤
ReplyDelete❤
ReplyDelete💗💗
ReplyDeleteGreat😊🎉️🎉️
ReplyDelete👍👍👍
ReplyDelete👍👍
ReplyDelete❤👌
ReplyDelete❤👌
ReplyDeleteඋසස් පෙළ සිංහල මතකයන් අවදි වුනා 😍😍
ReplyDelete👌😍
Delete❤️❤️
ReplyDeleteGreat❤️
ReplyDelete❤️❤️
ReplyDeleteNiyamai
ReplyDeleteSuper 👍
ReplyDelete👍👍👍
ReplyDelete😊❤️අර්ථවත්ව විග්‍රහ කරලා තියනවා, ලස්සනයි ❤️
ReplyDeleteGood
ReplyDelete❤️🖤
ReplyDelete👍👍❤️
ReplyDelete💪💪
ReplyDelete❤️
ReplyDelete❤️❤️
ReplyDeleteලස්සනයි
ReplyDelete👌❤️
ReplyDelete❤️
ReplyDeleteGood ❤
ReplyDeleteWow ❤️❤️😍
ReplyDeleteGreat 🥂💛
ReplyDelete