උන්ට
කවුද හිර දෙන්නෙ?
සාහිත්‍ය ඉතිහාසයේ හැරවුම්
ලක්ෂ්‍යක් සටහන් කරනු ලබන මෙන්ම සිංහල යථාර්ථවාදී රීතියේ ප්‍රාරම්භය පල කර ගම්පෙරළිය
නවකතාව, හෙළයේ මහා ගත්කරු මාටිං වික්‍රමසිංහයන්ගේ තුන් ඈදුරු නවකථාවන් වන කලියුගය
, යුගාන්තය අතරින් එකකි.මෙම නව කතාව දකුණු පළාතේ කොග්ගල නම් ග්‍රාමය පසුබිම් කරගෙන
ගෙතුණු කතාවකි.වික්‍රමසිංහයන් ඔහුගේ බොහෝ නවකතාවන් රචනා කොට ඇත්තේ කොග්ගල මුල් බිම
කර ගනිමිනි. එයට හේතුව කොග්ගල යනු ඔහුගේ උපන්බිමත් එහිදී ඔහුට ලැබුණු අත්දකීම් ප්‍රමාණය
විශාල වීමත් විය හැකිය.
කතාවේ චරිත පිළීබඳ අවධානය
යොමු කිරීමේදී එහි චරිත බහුල වශයෙන් අපට සමාජය තුලින්ම හමුවන චරිත බව පෙනී යයි.මාතර හාමිනේ , මුහන්දිරම්, නන්දා, අනුලා , කත්තිරිනා , බලදාස ,ජිනදාස ආදී චරිත අපට ආගන්තුක
නොවේ.
ඔවුන් ජීවත් වන පරිසරය
,ජීවන රටා ,චර්යා,කුල ගර්වය , වැඩවසම් සමාජය, සිරිත් විරිත්,ගමෙන් නගරයට රැකිය සොයා
යන තරුණයන්, ප්‍රකාශිත හා අප්රකාශිත ප්‍රේමයේ ස්වභාවය හා ඒ හා සම්බන්ධ මානසික තත්ත්වයන්
ආදී සියලු මානයන් ආවරණය වන පරිදි වික්‍රමසිංහයන් විසින් මෙම කතාව ඉතා අපූරු ලෙස නිර්මාණය
කර ඇත.
නවකතාවක් තිරයට ගෙන ඒම පහසු
නොවේ. නමුත් මාටිං වික්‍රමසිංහයන්ගේ බොහෝමයක් නවකතා තිරය මතට ගෙන ආවේ ආචාර්ය ලෙස්ටර්
ජේම්ස් පීරිස් විසිනි.1944 බිහි වූ ගම්පෙරළිය 1963දී සිනමාවට නැගිණි.නමුත් මුලදී වික්‍රමසිංහයන්
මෙයට තම අප්‍රසාදය පල කලේ රෝහිණී නවකතාව චිත්‍රපටයට නැගීම සුදුසු බව පවසමිනි.නමුත්
පසුව ගම්පෙරලියට කැමැත්ත ලබා දුන්නේය.
මෙලෙස ගම්පෙරළිය සිනමා පටය,ලෙස්ටර්ගේ
අධ්‍යක්ෂණයෙන් , ඇන්ටන් වික්‍රමසිංහගේ නිශ්පාදනයෙන් හා රෙජී සිරිවර්ධනගේ තිර රචනයෙන්
බිහි විය.මෙහි ප්‍රධාන චරිත වන නන්දාගේ චරිතය පුණ්‍යා හීන්දෙනියත් පියල් ලෙස හෙන්රි
ජයසේනත් ජිනදාස ලෙස ගාමිණී ෆොන්සේකාත් රංගනයෙන් දායක විය. මිනිත්තු 108ක ධාවන කාලයකින්
යුත් මෙම චිත්‍රපටයේ සුවිශේෂි ලක්ෂණයක් වන්න් කිසිදු ගීතයක් ඇතුලත් නොවීමයි. නමුත්
සංගීත ඛණ්ඩ කිහිපයක් වාදනය වන අතර එහි නිර්මාණකරු වන්නේ ඩබ්.ඩී අමරදේව ශූරීන් ය.
නවකතාව හා චිත්‍රපට සංසන්දනය
කරන විට අපට යම් යම් වෙනස්කම් දක්නට ලැබේ. නවකතාවක් සිනමාවට නැගීමේදි එවැනි වෙනස්කම්
සිදු කිරීම සුලබ කරුණක් වුවත් ඒවා නවකතාවට හානි නොවෙන ඒවා යුතුය.නවකතාව ආරම්භ වන්නේ
කොග්ගල ග්‍රාමය හැඳින්වීමකින් හා අලුත් අවුරුදු උදාවෙනි. නමුත් චිත්‍රපටය ආරම්භ වන්නෙ
වළං කදක් ඔසවාගෙන මහගෙදරට එන මිනිසෙකු හා නන්දා හා පියල් අතර වන සංවාදයකිනි. මෙහිදී
නන්දා හා පියල් අතර වන සංවාදය ඉතාමත් වැදගත් වේ. ඒ සංවාදයෙන් චිත්රයපටයේ සාරාංශය
පිළිබඳ ඉඟියක් ගැබ් කර ඇති බව නවකතාව කියවා චිත්‍රපටය නරඹන්නෙකුට නම් ඉතා හොඳින්
වැටහේ.
එම සංවාදය පහත පරිදි වේ.එය
නවකතාවෙ නොමැත.
“ඉතින් ඔය කුමාරිකාව අන්තිමට මේ මිනිහා කසාද බැන්දද?”
“ඔව්”
“ඒක නම් වෙන්න බෑ.ඔය නිකන් මිනිහෙක් කොහොමද කුමාරිකාවක් කසාද බඳින්නේ”
“ඇයි බැරි සල්ලි තියෙනවානම් පුලුවනි”
මේ කතාව ගෙතෙන්නේ වලව් මාන්නය , කුල ගර්වය සමාජය තුළ මුල්
බැසගත් කාලයක් හා එය බිඳ හෙලන වාණීජවාදි සමාජය පිළිබඳවත් ය. එය උකහා දැක්වීමට යොදාගෙන
ඇත්තේ ඒ තුළ සිරවී සිටිනා තරුණියක් හා තරුණයෙක් මුහුණ දෙන ගැටලුකාරී අවස්ථාවන් හා තම ප්‍රේමය ජය
ගන්නා ආකාරයයි.
චිත්‍රපටයේ ඇති එක් ජවනිකාවක
මහගෙදරට වළං ගෙන එන මිනිසාගෙන් මාතර හාමිනේ මෙදා අවුරුදු ජය දැයි විමසූ විට ඔහු ලබා
දෙන “අනේ මොන ජයක්ද හාමිනේ.ඇස් වහක් කටවහක් නෑ හාමිනේලට කිරි උතුරන්න ඕනේ” යන්නෙන්
එය කෙතරම් වහල්ගැති පිළිතුරක් දැයි ප්‍රේක්ෂකයාට වැටහේ. සිනමාකරුවා උත්සහ දරා ඇත්තේද
එකල පැවති වහල්ගැති සමාජය ඉස්මතු කර දැක්වීමට බව සිතිය හැකිය.
පියල් විසින් නන්දාට ගෙන
එන ලද විවාහ යෝජනවට නන්දා වැට උඩ සිටින්නාක් මෙන් පිළිතුරක් ලබා දෙන්නෙ තමා ඊට කැමති
හෝ අකමැති බව ප්‍රකාශ කිරීමට තරම් ස්වාධීන නොවන බැවිනි.ඒ ඇගේ පවුල් පසුබිම හේතුවෙන්
යැයි සිතිය හැකිය.
“අම්මා කැමති නම් මාත් කැමතී”
“ඒ කියන්නෙ නන්දා මට ආදරෙයි”
“මං දන්නෙ නෑ”
උණු හින්දා බොන්නත් බෑ.කිරි
හින්දා අහක දාන්නත් බෑ යන ආප්තෝපදේශය මීට මනා සේ ගැලපේ යැයි මට හැඟේ.
කතාවේ හා චිත්‍රපටයේ චරිත
පිළිබඳ සොයා බැලීමේදි නන්දාගේ චරිතය අනෙක් චරිතවලට වඩා කැපී පෙනෙයි. කයිසාරුවත්තේ
වලව්වේ එක් දියණියක් වන ඇය ඉංග්‍රීසි ඉගෙනගන්නේ පියල් නම් තරුණයෙකුගෙනි. තමාගෙ පවුල්
පසුබිම හා දෙමාපියන්ට අකීකරු නොවීම හේතුවෙන් තමාගෙ හිතේ උපන් ප්‍රේමය එසේම යටපත් කරගෙන
වෙනත් අයෙකු සමඟ විවාහ වෙයි. නන්දා පියල් ඉදිරියේ තද ගති පැවතුම් ඇත්තියක් ලෙස සිටියද
එසේ සිදු කලේ ඇගේ සිතේ සැබෑ හැඟීම් යටපත් කිරීමට විය යුතුය.සැබැවින්ම ඇය මොලොක් ගති
පැවතුම් ඇති චරිතයක් බව ජිනදාසගේ විවාහයෙන් පසු හැසිරීමෙන් කිව හැකිය.චිත්‍රපටයේ ඇති
චරිත අතරින් ඉතාමත් සංකීර්ණම චරිතය ලෙස නන්දාගෙ චරිතය බව අමුතුවෙන් කිව යුතු නැත. පියල්,
ජිනදාස, හා පවුල අතර තැලී පොඩිවෙමින් ජීවිතය ගෙන යන නන්දාගෙ චරිතයට අවශ්‍ය සෑම භාවයක්ම
ඉතා මැනවින් හසුරුවමින් පණ පෙවූ පුණ්‍යා හීන්දෙනියගේ රංගනය අති විශිෂ්ටය.
ගමේ සාමාන්‍ය පවුලකට අයත්
පියල් උගත්කමින් පරිපූර්ණ වූ තරමක නිවුණූ ගති පැවතුම් ඇති තරුණයෙකි. නන්දාට කරන විවාහ
යෝජනාවට අකමැත්ත හිමි වීම නිස ඔහු කොළඹ බලා පිටත්ව යන්නේ රැකියාවක් සොයා ගැනීමෙ අරමුණෙනි.
ඔහු නැවත් පැමිණෙන්නේ යහමින් මුදල් හදල් ඇති ව්‍යාපරිකයෙකු වශයෙනි.ඒ පැමිණෙන විටද
නන්දා කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටී.ාවසානයේ නන්දා විවාහ කරගන්නා මොහු තුළීන් සැබෑ
වාණීඣවාදී මිනිසෙකුගේ චිත්ත අභ්‍යන්තරය පෙන්නුම් කරන්නේ “ජිනදාස භූමදාන කර අවසන් ගෞරව දැක්කුවේ මගේ සල්ලිවලින්” යන
වදනිනි. පියල්ගේ ඇඳුම් පැළඳුම් මේ චිත්‍රපටයේදි කැපී පෙනෙයි.කොළඹ යාමට පෙර ඔහු ඇන්ඳේ
සරමත් බැනියමත් හා කෝට් එකත් පමණී. නමුත් ඉන් පසුව ඔහු කලිසමත් ටයි පටියත් හා කෝට්
එකටත් මාරු වී සිටියි.එමඟින් ඔහු තරමක් මුදල් හදල් සහිත ධනවතෙකු වී ඇති බව පෙන්නුම්
කිරීමට සිනමාකරුවා උත්සහ ගෙන ඇත.
ජිනදාසගේ චරිතයට ගාමිණී
ෆොන්සේක යොදා ගැනීම වික්රමසිංහයන්හේ දැඩි අප්‍රසාදයට හේතු විය.කතාවට අනුව ජිනදාස
යනු තරමක් කෙසඟ සිරුරක් සහිත පුද්ගලයෙකි.එසේ වෙද්දී ගාමිණී වැනි උස මහත් ශරීරයක් සහිත
අයෙකු මීට යොදා ගැනීම තුළින් ජිනදාස චරිතයට අසාධාරණයක් වේ යැයි ඔහු සිතන්නට ඇත.නමුත්
චරිතය නොමරා ඉතා ප්‍රවේශමෙන් රඟ දැක්වීමට ගාමිණී සමත් විය.ජිනදාසගේ සීයා විදානේ ආරච්චි
කෙනෙකි.ඔහුගේ පියා විවාහ ලේකම් ය. විවාහ ලේකම්ගේ පියා නොතාරිස් ය. නමුත් ජිනදාස
ඉඩම්වලින් ලැබෙන සුලු ආදායමින් පිරිමසාගෙන ජීවත් වන්නෙකි.ඔහුගේ ඇඳුම් පැළඳුම් ද ගැමියෙකුට
සමාන වේ. සරමත් බැනියමත් හැඳි ඔහුගේ මුහුණීන් නිතරම හැඟීම් විරහිත බවක් දිස් වේ.විඩාබරය.ඔහු
සිනාසෙනු දුටුවේ තම දරුවා උපන් මොහොතේදීය.
ප්‍රකාශිත හා අප්රකාශිත
ප්‍රේමයේ ස්වභවයත් මෙම චිත්‍රපටය පුරාම පැතිරී යයි. කතාවේ වස්තු බීජය වූ නන්දා පියල්
ප්‍රේමය මුලදීම සාර්ථක නොවන්නෙ පන්ති පරතරය හේතුවෙනි.පියල් තම සිතේ නන්දා කෙරෙහි ඇති
ප්‍රේමය ප්‍රකාශ කර පිළිතුරක් බලා සිටියි.නන්දා තවමත් වැට උඩය.
තම පවුලේ නම්බුව හා කුල ගර්වය
නිසා තමාගෙ ප්‍රේමය යටපත් කර ගනී. ඇය පියල්ට ආදරය ප්‍රකාශ නොකලද ඇය පියල්ට ආදරය නොකල
බව කිව නොහැකිය.පියල් විසින් ලියූ ලිපි පිළිබඳ මාතර හාමිනේ ඇසූ විට ඇය පවසන්නේ
“ඒවා මං කියෝලා වීසි කෙරුව”
“වීසිකෙරුව”
“ඔව් අල්මාරිය අස්සට” ලෙසය.
ඒවා විසි කිරීමට සත්‍ය වශයෙන්ම
ඇයට අවශ්‍ය වූවා නම් අමාරියට දැමීමක් සිදු කලේ ඇයි.චිත්‍රපටයේදි ඇය ඒ ලිපි ගන්නේ ඇඳුම්
අතර පිළීවෙලට නමා තිබියදීය.
ජිනදාස නන්දා බැලීමට ආ දිනයේ
නන්දාගෙ මුහුණ තමා ආදරය කල පෙම්වතාගෙන් මිදී වෙනත් තරුණයෙකු සමඟ විවාහ වීමට යන තරුණියකගේ
හැඟීම් විරහිත බව සිනමාපටයේදි දක්නට ලැබේ.ඔහු ගිය පසුව ඔහුගේ අඩුපාඩු කියමින් මිතුරියන්
හා සිනසුන නමුත් ඈ ඔහුගේ රූපයට කැමැත්තක් දැක්වීය.කිසිදු සිනාවකින් තොරව විවාහයේදීද
ඈ මලකඳක් සේ සිටියි.නමුත් නන්දා ජිනදාසට වචනයකින් හෝ අඩුපාඩුවක් නොකලාය.සාම්ප්‍රදායික
බිරිඳකගේ චරිතය මවයි.ජිනදාසගේ මරණය ඇයට බොහෝ දුකක් ගෙන දුන්නද එය ප්‍රේමයමැයි කිව
නොහැකිය.නන්දා හා පියල්ගේ විවාහය මීට හාත්පසින් වෙනස් ය.බටහිර ක්‍රමය සිදු වුණු
එම විවාහයට විදේශිකයන්ද සම්බන්ධ වූ අතර පෙර විවාහයේදි ඇගේ තිබූ දුක් මුසු ස්වභාවය
වෙනුවට උතුරා යන සතුටක් පෙන්වයි.විවාහ දෙකේදි ඇගේ භාව හා හැඟීම් ප්රකාශනයන් වෙනස්
වේ.
චිත්‍රපටය තුළ බහුල වශයෙන්
සංකේත, උපමා, රූපක, ආදිය යොදාගෙන ඇත්තේ විවිධ ජවනික තුළ වූ තත්ත්යන් ගැඹුරින් ප්‍රේක්ෂකයාට
දැන්වීමට යැයි සිතිය හැකිය.
තම දරුවා අහිමිව ශෝකයෙන් සිටින විටදී යාබද නිවසක්
නැළවිලි ගී ඇසීම
ජිනදාස වෙළදාමට බිබිලේ යන බව පවසන අවස්ථාවෙ නන්දාගෙ
සිත තුළ ඇතිවන තිගැස්සම විශාල කුණාටුවක් සමඟ මුසු කිරීම.
කෙසේවෙතත් චිත්‍රපටය අවසානයේදී
වික්‍රමසිංහයන්ගේ සිතට නැඟුන සිතුවිල්ල සාර්ථකව ඉස්මතු කරයි.කුල මාන්නය පසෙක දමා නන්දා
පියල් විවාහ වීම තුළින් මුලදී සඳහන් කළ වලව්, කුල, පරම්පරා, පන්ති භේදය වීසි කර දැමීමට
වාණිජවාදී සමාජයට හැකියාව ඇති බව තහවුරු කරයි.උන්ට කවුද හිර දෙන්නෙ යන පැනය නැගූ මුවින්ම නන්දාගේ හා පියල්ගේ විවාහය් පිළීබඳ කතා වෙයි.එකී
ඉහළ යැයි සම්මත පැලැන්තියක ඛේදනීය තත්ත්වය නන්දා හාඅ අනුලා අතර කතා බහකදී සංකේතානුරූපීව
දක්වා ඇත.
ගේ ටිකින් ටික ගරා වැටිලා.වහල සේරම දිරලා.මට වෙලාවකට හිතෙනවා මුලු ගේම හිටපු
ගමන් කඩා වැටෙයි කියලා.මාර ගහෙ කොල වැටිලා මැරිලා.
මේ පවසන්නේ සැබැවින්ම මහගෙදරට
සිදු වී ඇති දේ නොවේ.තම පරම්පරාවට අත්ව ඇති ඉරණමයි.එය ටිකෙන් ටික නැති වී යයි. කියිම
මොහොතක හෝ සම්පූර්ණයෙන් විනාශ වී යා හැකි බවට දැන් විශ්වාසය. කතාව නිමය.පියල් නන්දා
එක්විය.දුශ්ටයා ලෙස සැලකිය හැකි ජිනදාස මිය ගියේය. නන්දාගෙ පැලැන්තියේ මාන්නය අඩුවිය.
වර්තමාන සමාජය තුළද
මෙකී කුල පරම්පරාව හේතු කරගෙන කොපමණ නම් ප්‍රේමවන්තයින් තම වෘතාන්තයට තිත තබා ඇත්ද?
උගත්කමට වඩා වැදගත්කම කෙරෙහි හිස ඔබාගෙන සිටිනතාක් සිදුවන්නේ විනාශයට පත්වීමය.උගත්කම
තුළීන් වැදගත්කම බිහිවන තැන සාර්ථකත්වය පවති.කෙසේ වුවත් අතීතයේ තරම් වර්තමානයෙ මෙවැනි
කුලගොත සෙවීමක් සිදු නොවුනද තවමත් විවාහයකදී උඩරට රදළ, ගොවි, කරාව, ආදී ලෙස කුලගෝත්‍රය
සොයනා දෙමාපියන් නැතුවාම නොවේ.
Super...👍😍
ReplyDeleteස්තූතියි.☺️
DeleteGood job☺️
ReplyDeleteස්තූතියි ☺️
DeleteSupperb 😘💖💖
ReplyDeleteස්තූතියි
Deleteඊලග එකෙන් හම්බවෙමූ👑️👑️👑️👑️නියමයි.
ReplyDeleteස්තූතියි
Deleteniyamai😍💛
ReplyDeleteස්තූතියි ☺️
Delete😍😍😍😍
ReplyDelete☺️
Deletesuperb❤️👌
ReplyDeleteNiyamai....👍
ReplyDeleteNiyamai ❤️
ReplyDeleteSuper ❤️❤️❤️
ReplyDeleteලස්සනයි ..super ❣👍
ReplyDelete❤❤❤
ReplyDeleteNiyamai
ReplyDeleteKeep it up
ReplyDeleteLassnay
ReplyDeleteනියමයි 👍
ReplyDeleteGood 👍
ReplyDeleteNiyamai
ReplyDeleteWell done
ReplyDeleteNiyamai..👍👍
ReplyDelete