නගරයෙන් ගමට ද?
ගීතය යනු සාහිත්‍යයේත්
සංගීතයේත් සුසංයෝගයකි.ගීතය අපූරු කලා නිර්මාණයක් වන අතරම එය බොහෝ දෙනාගේ ආත්මයන්
අවදි කරයි.මතකයන් අවදි කරයි.අත්දැකීම් සංසන්දනය කරවයි.තමාට ආදේශ කර ගන්වයි. ගීතයකට
පුද්ගලයෙකුගේ මනස වසර 40 50කට එහාට පවා ගෙන යා හැකිය.පද රචකයෙකු විසින් නිර්මාණය
කරන පද පෙළකට මධුර අරුතකින් යුත් තනු නිර්මාණය කරන්නේ සංගීඥයා විසිනි.අර්ථ රසය ශබ්ධ
රසය යන ද්විත්වයම එක සේ මුසු වූ විට හා ඊට උචිත හඬක් එක්වීම එහි රසය ගැඹුරින්ම
විඳීමට අසන්නට අවස්ථාව හිමි වේ.
බොහෝවිට ප්‍රේමය පිළීබඳ
ලියැවෙන ගීත ප්‍රේමයේ සුන්දරත්වය, විවාහයට අවසර ලැබීම , විවාහය, ආදී ඒවා සම්බන්ධ
වේ. නමුත් ප්‍රේමය තුළ ඇති ගැටලුවක් පිළිබඳ දෙදෙනා අතර ඇතිවන පරස්පරතා පිළිබඳ
ලියැවුනු ගීත අපගේ ගීත සාහිත්‍යයේ දැකීම තරමක් අපහසුය.ප්‍රේමය යන සුලභ මාතෘකාවට
දුලබ ගීතයක් ලියවී ඇත්නම් එය විශිෂ්ඨය.
බොහෝ රචකයින් නොදකින
පැතිකඩක් දුටු බන්දුල නානයක්කාරවසම් “සඳපානක්
සේ ඇවිදින්” ගීතය රචනා කර එය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙනුත් අතුල සමිතා සුසංයෝගයෙනුත්
හැඩ කළේය. අතුල සමිතා මුල් වරට ගැයූ යුග ගීතය මෙයයි.ඒ 1996 දීය.මෙම ගීතය අතීතයටත්
වර්තමානයටත් අනාගතයටත් යන තුන් කාලයටම කැප ගීතයක් යැයි සැලකීම වරදක් නොවන්නේ එය වර්තමානයේ
ජීවත් වන මටද අතිශය සමීප ගීතයක් වන බැවිනි.
යුග ගීයක් වන මෙම ගීතයේ
සුවිශේෂීත්වය වන්නේ එය සංවාදාත්මක ස්වරූපයක් ගැනීමයි.ගීතයේ කතා නායකයින් දෙදෙනා
පෙම්වතුන් ය.ඔවුන් දෙදෙනාම දැනට නගරයේ ජීවත් වන නමුත් තරුණිය ගමක සිට නගරයට
පැමිණී අයෙකි. දැන් ඇයට නැවතත් තම ගම රට බලා යාමට කාලය උදා වී ඇත.නමුත් දෙදෙනාගේ
ප්‍රේමයට ගම නගරය හරස් වී ඇත. මොවුන් දෙදෙනා සරසවි සිසුන් ලෙසද සිතිය හැකි යැයි මට
සිතේ. වසර හතර අවසාන වන මොහොතේ ඔවුන්ට මේ ගැටලුව මතු වනවා විය හැකිය.
සඳපානක් සේ
ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංඟාවක් තරමට
සිසිලස බෙදුවයි නුඹ මා හට
සංවාදය ආරම්භ කරන්නේ තරුණයාය. නගරයට නොපෙනෙන සුන්දර සඳ පානක් ලෙස මේ ගැමි
තරුණිය තරුණයාට පෙනෙයි.නගරයට නොදැනෙන ගංගාවේ සිසිලස ලෙස ගෙන එන්නේද ඇයයි.නගරයේ
කඨෝර ශබ්ද, අවිවේකිබව , නොසන්සුන්කම නැති කර දමා ඔහුගේ සිතත් කයත් ප්‍රබෝධමත්
කරන්නට තරුණිය සමත් වී ඇත.
නෙත් දාහක් පසුකර
විත් මට හිමි දෙනුවන දුටු විට
සඳපානක් වූයේ නුඹ
නොවෙදෝ මගේ සිත් අහසට
ගම්මානයේදීත් නගරයේදීත්තරුණියගේ අත ඉල්ලන නෙත් බොහෝය.ඒ නෙත් අතරින් ඇයට
හිමි දෙනෙත හමු වන තුරුම ඇය තනිව උන්නාය.තමා සතු නෙත් යුවල ඉතා දුශ්කර ගමනකින්
පසුව හමුවීම මෙතෙක් කල් අඳුරු වී තිබුණු ඇගේ අහසක් වැනි පරතෙරක් නැති සිතට ආලෝකයක් ගෙන ආ සඳපාන නුඹ නොවේදැයි
තරුණයාගෙන් විමසයි.
දූවිලි හුළඟින් පිරුණත්
ඉපදුනු නගරේ - මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
ඔවුන් හමුවීමේ ප්‍රීතිය ප්‍රකාශ කර ගැටලුවට ප්‍රවිශ්ඨ වන්නේ දෙවන කොටසේදීය.
තමා උපන් , හැදී වැඩුන ,හුරු වුණු තමා ගොඩනගා ගත් සියල්ලත් සමඟ මේ නාගරික
පරිසරය මා කෙසේ අතාරින්නද? ගමට විත් මා ඊට කෙසේ සූදානම් වන්නද? වැනි පැනයක්
තරුණයාගේ සිතේ මතු වෙයි. දූවිල්ලෙන් පිරී ගියත් ගිනියම් සුළඟ හමා ගියත් හුරු
පුරුදු පරිසරය අත් හැරීමට ඔහු සූදානම් නැත.එක හෙලාම පවසන්නෙ නගරය අත් හැරීමට
නොහැකි බවයි.හිතුවක්කාරී ගති ඇති තරුණයෙකු බවද අපට සැලකිය හැකිය.
මගෙ උරුමය රැඳුනෙන් මා ලද ගම් පියසේ - මේ නගරයේ කූඩු වෙන්න
බෑ
ගම්මානය අත් හරින්න බෑ
දෙමාපිය සෙවණේ හැදී වැඩුන ඇයට ඔවුන් , පවුලේ අය දමා නගරයේ නැවතීම සිදු කල
නොහැකිය.ඇයට උරුම ගම්මානයයි.කූඩු කල කිරිල්ලියක් මෙන් නගරයේ සිටිය නොහැකිය. තරුණයා
සේම ඇයද දැඩි තීරණයක එල්බ සිටින අතර ගමෙන් පිට වීමට නොහැකි බව තරයේම පවසයි.
අප දෙදෙනා මුණ
ගැස්වූ මේ මහ නගරේ
අතැර
නුඹට ගමට යන්න බෑ
ඔවුන් මුණ ගැස්වූයේ මේ නගරයයි. එදා
සිට මේ දක්වා ඔවුන්ගේ මතක ඇත්තේ නගරය සබැඳිවය.මේ නගරය අත් හැර ඔබ කෙසේද ගමට යන්නේ?
ඔහු ප්‍රශ්න කරයි.මතුපිටින් එවැන්නක් අසන බව පෙනුනද සැබැවින්ම ඔහු පවසන්නේ නගරය
අතහැර ඇයට යා නොහැකි බව නොවේ.ඔහු දමා යා නොහැකි බවයි.
මගේ සිතින් ඔබ සිතනා මතු යම් දවසේ -
මේ නගරය පාළු වෙන්නෙ නෑ
මං තනියෙන්
ගමට යන්නෙ නෑ.
තරුණීය තවමත් ඇත්තේ ඇගේ මතයේය. ඇය සිතන ආකාරයටම තරුණයාත් සිතන දිනයක ඇය සමඟ
ඔහු ගමට යාමට කැමති වේ යැයි ඇය සිතයි.එදිනට ඔවුන් මුණ ගැසුණු නගරයේ මතක ඇහැරවමින්
මනසින් ඔවුන්ට නගරයේ ජීවත් විය හැකිය. ඇය නැවතත් දැඩිවම පවසන්නේ ඔහුත් සමඟ මිස
තනිවම ගමට නොයන බවයි.
තර්ක කරමින්
හේතු පෙන්වා දෙමින් දෙදෙනාම උත්සහ කරන්නේ තමා කැමති ප්‍රදේශයේ තම සහකරු රඳවා
ගැනීමටය.නමුත් දෙදෙනාගෙම ඇති මුරන්ඩු හා හිතුවක්කාරී බව නිසා තවමත් තීරණයකට පැමිණ
නැත. දෙදෙනාම කොයි මොහොතේ හෝ අනෙකාගේ තීරණය වෙනස් කරන තුරු බලා සිටියි. බොහෝ
දෙනාගේ අවධානයට ලක් නොවන ප්‍රේමයක ඇති මෙවැනි ගැටලුකාරී අවස්ථා අප අතර ඕනෑ තරම්
ඇත. එවැනි අවස්ථාවකට මුහුණ දෙන තුරු මෙවැනි ගීත බොහෝ දෙනාට සාමාන්‍ය ගීත පමණී.
ඉතින් ඇය නගරයේ රැඳුනාද? ඔහු ගමට
ගියාද?
Great job👍❤❤👍
ReplyDelete💛👌🤘
ReplyDeleteඇයට ගමට යන්නට වෙයි😉
ReplyDeleteබලමු නේ..😁😍
DeleteNiyamai😍😍
ReplyDelete👍 nice
ReplyDelete👌👌❤
ReplyDelete❤️👍
ReplyDelete🤟🤟🤟🤟❤️
ReplyDeleteGood job...👌
ReplyDelete😍❤️👌
ReplyDelete👌😘😘
ReplyDeleteගමට යන්න ඇති නෙ
ReplyDelete❤❤❤
ReplyDelete❤❤
ReplyDeleteගමට යන්න හිතේ
ReplyDelete👍👍👍
ReplyDeleteLassanai
ReplyDeletelassanai 💜
ReplyDeleteLassanai 😍
ReplyDelete❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteතීරණය ඇය සතුයි.. ❤️
ReplyDelete